Share

Friday, October 5, 2012

සංසාර සාගරය....

එසේ හෙයින් යමෙක් ශීලාදිගුණධර්මයන්ට පරමප්‍රතිස්ඨාධාර වූ බුදුන්දරු සුපිලිපන් සංඝ රත්නය උදෙසා ස්වල්ප මාත්‍ර  වුත් දානයක් වී නමුත් පහන් සිතින් දුන්නේ නම් එතෙම ප්‍රතිභය සහිත වූ අති භයනක මේ සංසාර නැමැති සාගරයෙහි  දිව්‍ය මනුෂ්‍යසම්පත්ති සංඛ්‍යාත සප්තරත්නමය වූ නෞකාවෙකින් පිහිට ලැබූ චුති ප්‍රතිසන්ධි වශයෙන් පිනපිනා කෙළ ඇවිදින්නේ ම ය. සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නැමැති ජලයෙන් පිරුනා වූ, ජති ජර ව්‍යාධි මරණ නමැති මහත් වූ රළපතර බිදීම් ඇති, ලෝභ ද්වේෂ මෝහ නැමැති  චන්ඩ පරුෂ මකර....


 මකර සුංසුමරාදීන් විසින් ගැවසී ගත්තා වූ, මාතුගාම නැමැති උදකරාක්ෂසීන්ට වාසස්ථාන වූ තෘශ්ණා නැමැති ගංගා ජලයට පිහිට වූ රූප ශබ්දාදී පඤ්චකාම කොට්ඨාස නැමැති සළාවැටුම් ඇති පමණ නොදත හැකි දිග පළල ගැඹුර ඇති, පරතෙරක් දැක්ක නොහැකි, සංසර නැමැති සාගරයෙහි චුතිප්‍රතිසංධි වශ්යෙන් ගැලෙමින් ඉපිලෙමින් විතර්‍ක නැමැති තරංග වේගයෙන් පහරන ලදුව ක්ලේශ නැමැති සැඩ දිය වතුරෙන් ගෙන යන ලදුව අපාය නැමැති වඩබා මුඛයෙහි වැටී අණයව්‍යසනයට පැමිනෙන්නාවූ සත්ව සමූහයා සේ එබදු මහදුක් නොවිද කුසල් කළ සත්ත්වයෝ තමන් විසින් කරන ලද කුශල බලයෙන් ජනිත වූ සම්පත්තිසම්භාර නැමැති මහ නැවට නැගී රන් රුවන් මුතු මැණික් දැසි දස් ගව මහීශාදීන් හා ඇත් අස් රථ සේන වාහන සමධි නැමැති පෙළපත දිවෙන රළපතර බලබලා සතුටුව උදන් ගී කියකියා තම හා ඒකත්මික මිත්‍රපුත්‍රකලත්‍රාදින් හා පරිවාර ජනයන් පිරිවරා නිත්‍ය සන්තොශයෙන් පිනපිනා නොයෙක් කෙළිනලුයෙහි නියුක්තව සැපසේ වසන්නහූමය.....
(උත්තරෝලිය කතා වස්තුව- සදධර්මාලංකාරය)        

First you need to install Sinhalese Unicode to read this.     

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...