මකර සුංසුමරාදීන් විසින් ගැවසී ගත්තා වූ, මාතුගාම නැමැති උදකරාක්ෂසීන්ට වාසස්ථාන වූ තෘශ්ණා නැමැති ගංගා ජලයට පිහිට වූ රූප ශබ්දාදී පඤ්චකාම කොට්ඨාස නැමැති සළාවැටුම් ඇති පමණ නොදත හැකි දිග පළල ගැඹුර ඇති, පරතෙරක් දැක්ක නොහැකි, සංසර නැමැති සාගරයෙහි චුතිප්‍රතිසංධි වශ්යෙන් ගැලෙමින් ඉපිලෙමින් විතර්‍ක නැමැති තරංග වේගයෙන් පහරන ලදුව ක්ලේශ නැමැති සැඩ දිය වතුරෙන් ගෙන යන ලදුව අපාය නැමැති වඩබා මුඛයෙහි වැටී අණයව්‍යසනයට පැමිනෙන්නාවූ සත්ව සමූහයා සේ එබදු මහදුක් නොවිද කුසල් කළ සත්ත්වයෝ තමන් විසින් කරන ලද කුශල බලයෙන් ජනිත වූ සම්පත්තිසම්භාර නැමැති මහ නැවට නැගී රන් රුවන් මුතු මැණික් දැසි දස් ගව මහීශාදීන් හා ඇත් අස් රථ සේන වාහන සමධි නැමැති පෙළපත දිවෙන රළපතර බලබලා සතුටුව උදන් ගී කියකියා තම හා ඒකත්මික මිත්‍රපුත්‍රකලත්‍රාදින් හා පරිවාර ජනයන් පිරිවරා නිත්‍ය සන්තොශයෙන් පිනපිනා නොයෙක් කෙළිනලුයෙහි නියුක්තව සැපසේ වසන්නහූමය.....
(උත්තරෝලිය කතා වස්තුව- සදධර්මාලංකාරය)
First you need to install Sinhalese Unicode to read this.
No comments:
Post a Comment